අපි...
මේ යන ගමනේ
අතරමගදී
විවිධ අය හමුවෙනවා
ඒ අය ලග නවතිනවා
සමහර වෙලාවට, ගොඩාක් වෙලා...
එතකොට?
ගොඩාක් ආදරෙත් හිතෙනවා
ඒ කෙනා නිසා උපන් ඒ සොදුරු හැගීම
ෙමාන විධියට හරි කියන්න ඕනැ වෙනවා
ඒ ඒ හැගීමත් එක්ක ඉන්න ඕන නිසා
හැගීම් ප්‍රකාශනය මත සිදුවන
අනවබෝධය නිසා
ඇතිවන වේදනාව
ගොඩාක් ලොකුවට දැනෙනවා
ඒ අපි ගොඩාක් ආදරේ කරන පුද්‍ගලයා
හදවතේ ගැඹුරුම තැන රැදිලා නිසා
වේදනාවත්,
හදවතේ ගැඹුරුම තැනට දැනෙන නිසා
ඒ නිසාම ඒ හිත් විඩාවට පත්වෙනවා
එවන් හිතකට තවකෙකුගේ ලෙන්ගතුකම
දැවෙන කතරකට වට දිය බිදක් වැනි
එවැන්නෙකුගෙන් වන පුංචි සිත් රිදවීමක් වුණත්
විඩාවට පත් හිතකට ලොකුවට දැනෙනවා
Thursday, June 10, 2010
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment